Sinhala Breaking News


තුන් හැවිරිදි දෙමළ සරණාගත දැරියට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රතික්ෂේප කරයි ක්‍�

.
තුන් හැවිරිදි දෙමළ සරණාගත දැරියට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රතික්ෂේප කරයික්‍රිස්මස් දූපතේ රඳවා සිටින ශ්‍රීලාංකික දෙමළ පවුල හෙවත් ‘බිලෝලා පවුලේ’ තුන් හැවිරිදි සාමාජිකාවක් වන තාර්නිකා මුරුගප්පන් හදිසි ප්‍රතිකාර සඳහා ක්‍රිස්මස් දූපතේ සිට පර්ත් වෙත රැගෙන ආවද ඕස්ට්‍රේලියානු බලධාරීන් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.‘බිලෝලා පවුලේ’ පවුලේ උපකාරක කණ්ඩායමේ මාධ්‍ය නිවේදනයකට අනුව, 3 හැවිරිදි තාරුණිකා, ක්‍රිස්මස් දූපතේ රෝහල් ගත කිරීමෙන් පසු පර්ත් වෙත රැගෙන ගොස් ඇත. තාර්නිකා මුරුගප්පන්ට ක්‍රිස්මස් දූපතේ දී දින දහයක් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණු අතර ඇයට අධික උණ, වමනය සහ පාචනය ඇතිවිය. පසුගිය සඳුදා රාත්‍රියේදී ඇය බටහිර ඕස්ට්‍රේලියාවේ අගනුවර වන පර්ත් හි ප්‍රධාන භූමියේ පිහිටි ළමා රෝහලකට ගෙනැවිත් ඇත . එම අවස්ථාව වන විට ඇයට ප්‍රතිකාර නොකළ නියුමෝනියාව හේතුවෙන් ජීවිතයට තර්ජනයක් වන සෙප්ටිසිමියා රෝගය වැළඳී ඇත. https://www.wsws.org/en/articles/2021/06/10/thar-j10.html
21 Views

Comments